වැවිලි බෝග අපනයන ආදායම ඉහළට

Share

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6ක් බවත් පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී ඇති බවද මෙහිදි අනාවරණය විය.

එමෙන්ම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තේ හා පොල් වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

Read more

Local News