ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බවටත්, මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවටත් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News