යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට

Share

වී මිල දී ගැනීමේ කටයුතු සඳහා අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (26) තීරණය කර තිබෙනවා.

මේ අනුව අද (27) සිට වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා දැනට වී අස්වනු නෙළා අවසන් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි වී ගබඩා 32ක් විවෘත කර තැබීමටත්, තවත් ගබඩා 100ක් අවශ්‍ය විටෙක විවෘත කිරීමටත් සූදානම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා.

Read more

Local News