රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

අනුරාධපුර දෙස සිට කහටගස්දිගිලිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අසල සිටි පුද්ගලයකුගේ හා ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මාර්ගය අසල සිටි පුද්ගලයා හා ත්‍රිරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 66ක අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News