මාරක රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

ගම්පහ දෙස සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික කාන්තාව බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News