දියේ ගිලෙමින් සිටි ළමුන් තිදෙනෙකු බේරාගනී

Share

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එම ළමුන් තිදෙනා බේරාගෙන කලුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරට පත් ළමුන් තිදෙනා අවුරුදු 16 වයසේ පසුවන කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News