මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්

Share

පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක් පුද්ගලයෙකු බේරාගෙන පානදුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එසේම එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වූ අය වයස අවුරුදු 24ක් වන තොටවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබන අතර, පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News