රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

ආනමඩුව, කුඩාවැව හන්දිය අසලදී ගල්ගමුව දෙස සිට ආනමඩුව දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදිකයා ආනමඩුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 68ක් වන කුඩාවැව හන්දිය, ආනමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News