සැප්තැම්බර් 20 දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණයක්

Share

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුයි.

එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News