පියාගේ පහරින් පුතා මරුට

Share

ගල්කිස්ස, බොරුපන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 26ක් වූ බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට හා පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය විසින් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News