යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

තෝප්පුව දෙස සිට දංකොටුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 20ක් වන ජයගම, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News