වෙඩිවැදී පුද්ගලයෙක් මරුට

Share

තංගල්ල, දෙමටවල වත්ත පොල් ඉඩමක වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 32ක් වූ නලගම, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ගව පට්ටි පාලකයෙකු වන අතර, ඊයේ (18) උදෑසන කාලයේ ගවයන් රැගෙන ඉහත ප්‍රදේශයට ගොස් ඇති අතර, නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී, මරණකරු වෙඩි වැදුනු තුවාල සහිතව වැටී සිටිනු දැක රෝහල් ගත කර තිබුණා.

මෙම ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

Read more

Local News