හංවැල්ලේ වෙඩිතැබීමක්

Share

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වූ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News