ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Share

ඇහැලියගොඩ පොලිස් වසමේ රංගේගම ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා.

තුවාලකරු ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 65ක් වූ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා සැකකරුවන් අතර පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News