කියුබාවෙන් ඩෙංගු මර්දනයට විශේෂඥ දැනුම

Share

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු විය.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව මෙහිදී සහතික විය.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේ දී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහි දී පෙන්වා දුන් මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.

Read more

Local News