මත්පැන් සාදය මරණයකින් කෙලවර වෙයි

Share

රඹුක්කන ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මත්පැන් පානය කරන අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක් වන කොටවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු ඝාතනයට යොදාගත් බවට සැකකරන පිහියක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News