අවාසනාවන්ත අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් මරුට

Share

ආනමඩුව කාර්මික විද්‍යාල භූමියේ මාර්ගයකදී කාර්මික විද්‍යාලීය සිසුන්ගේ පුහුණු වීම් සඳහා ගෙන්වන ලද පුද්ගලික බස් රථයකට නැගීමට ගිය සිසුවෙකු බස් රථයෙන් ඇද වැටී ඉදිරි වම්පස රෝදයට යටවී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ සිසුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 17ක් වූ ආණමඩුව, මහ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News