රජයේ තනතුරු 150,000ක් අහෝසි කිරීමට පාකිස්ථානු රජයෙන් තීරණයක්

Share

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණෙන් රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමට පාකිස්ථානු රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍යංශ 6ක් වසා දැමීමටත් තවත් අමාත්‍යංශ 2ක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගණුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අදාලවයි.

Read more

Local News