ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

Share

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) අතර ඊයේ (04) පස්වරුවේ කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් වී තිබෙනවා.

මෙහි දී නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනී අමරසූරිය පත්වීම පිළිබඳව තානාපතිවරයා ස්වීඩන් රජයේ සුභ පැතුම් ද එක් කළේය.

ස්වීඩන් රජයේ ආයෝජන සිදු කිරීමේදී මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ අවධානය යොමු වී බවත් ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් සඳහන් කළා.

Read more

Local News