සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව වැඩ බලන නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ ඩී එන් ජයවීර පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුලු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් වී තිබෙනවා.