හොරොව්පොතාන, ගල්කන්දෑව ප්රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමකින් මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 43ක් වූ පරංගියාවාඩිය, හොරොව්පොතාන ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරුගේ නිවස පිටුපස අනවසරෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
අනවසර විදුලි රැහැන් යෙදූ වයස අවුරුදු 40ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.