රිය අනතුරකින් අවුරුදු 7ක පිරිමි දරුවෙක් මරුට

Share

වලපනේ පොලිස් වසමේ මහනුවර වලපනේ මාර්ගයේ ආර්.ඩී.ඒ හන්දිය අසලදී මහනුවර දෙස සිට වලපනේ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථය මාර්ගයේ ගමන් ගත් අවුරුදු 7ක පිරිමි දරුවෙකුගේ හා අවුරුදු 15ක ගැහැණු දරුවෙකුගේ ගැටී අනතුරුව මාර්ගයේ නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ළමුන් දෙදෙනාගෙන් පිරිමි ළමයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරු මුලහල්කැලේ, වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News