ශ්රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්රින් තී ටැම් (Trinh Thi Tam) ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ශ්රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්ය නායකයාගේ සහ රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තානාපතිනිය දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය සුබවාදී අදහස් පළකළා.
සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙළෙඳ ක්ෂේත්රය තුළ වියට්නාමය ලබා ඇති ජයග්රහණයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්රී ලංකාවේ එම ක්ෂේත්රයන්හි දියුණුව වෙනුවෙන් වියට්නාමයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික බෞද්ධ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.