ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය

Share

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

මෙහිදී අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති අල්කතානි විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදු කෙරිණි.

මෙහි දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව තානාපති අල්කතානි සිය ප්‍රශංසාව පළ ක‍ළේය. සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ තානාපතිවරයාගේ අවධානය යොමුවිය.

Read more

Local News