ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්ගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.
මෙහිදී ජනාධිපතිවරයා සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා දෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.
බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති අනුර බංග්ලාදේශය තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.
තව ද දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.