ඊයේ පැවති පළමු එක්දින තරගය අතරතුර ක්‍රීඩාංගණයට කඩා වැදුණු පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (20) පැවති පළමු එක්දින තරගය අතරතුර ක්‍රීඩාංගණයට කඩා වැදුණු පුද්ගලයාට එරෙහිව චෝදනා 02ක් යටතේ නීතිමය පියවර ගන්නා බව පල්ලෙකැලේ පොලිසිය පවසනවා.

පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයාට එරෙහිව බීමතින් අශෝභන ලෙස හැසිරීම සහ ක්‍රීඩාංගණයට අයුතු ලෙස හැසිරීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා බවයි.

ඊයේ දිනයේ තරගය අතරතුරදී ක්‍රීඩාංගණයට කඩා වැදුණු එම පුද්ගලයා මේ වනවිට පල්ලෙකැලේ පොලිසියේ අත්අඩංගුවේ පසුවනවා.

ඔහු 22 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Read more

Local News