සැකකටයුතු මරණයක්

Share

පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට යාබදව ජලය ගලා බසින ඇළ මාර්ගයක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35ක් වන පොතුවැව, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිදුකල විමර්ශනයේදී මෘත ශරීරය හමු ස්ථානය ආසන්නයේ විදුලි පහන් කණුවකට යතුරුපැදියක් හේත්තු කර තිබී ඇත.

ඒ අසල තිබූ ඇළට මරණකරු වැටී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර මොහු කුමන ආකාරයකට මෙම ඇළට වැටුණේද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News