මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 44ක් වූ පොත්තුවිල්ලු, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට අදාල ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News