පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක් මරුට

Share

අංකුඹුර, ගල්හින්න ප්‍රදේශයේ කාන්තාවක් වැටීමක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 79ක් වූ නුවර පාර, ගල්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය හා බෑනා අතර ඇතිවූ ආරවුලක් අතරතුර බෑනා විසින් මරණකාරිය තල්ලු කිරීමෙන් අසල තිබූ කොන්ක්‍රීට් කණුවකට වැටී බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

Read more

Local News