පොළොන්නරුව පොලිස් වසමේ මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ වැටීසිටි පුද්ගලයෙකු ඔහුගේ පුතා විසින් පොළොන්නරුව රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විට මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 46ක් වූ මුස්ලිම් කොලණිය, කදුරුවෙල ලිපිනයේ පදිංචිකරුවෙක්.
මරණකරු ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු ව්‍යාපාරික ස්ථානයේ සිට තමාගේ නිවසට කාර් රථයෙන් පැමිණ ඇති බවත්, කාර් රථය පණ ගන්වා තිබියදීම ඒ ආසන්නයේ පපුවේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී සිට ඇති බවටත් අනාවරණය වන බැවින් මෙය පහරදීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය සැකකරනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.