සිරිපුර පොලිස් වසමේ කළුකැලේ ප්‍රදේශයේ විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 34ක් වූ ශක්තිපුර, කළුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු ඉහත ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස විසිතුරු මසුන් ඇති කරනු ලබන අතර, එම මත්ස්‍ය ටැංකි වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම විදුලි සැර වැදීම සිදුව ඇති බවට සිදුකළ විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.