කොස්ගම, ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේ වත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩ වීමට ගිය කැබ් රථයක් ඇලේ තිබූ සැඩ පහර හේතුවෙන් ගසාගෙන ගොස් තිබෙනවා.
කැබ් රථය මීටර් 50ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු ගමන් කර ඇති අතර, දියේ ගිලීමෙන් කැබ් රථයේ රියදුරු සහ හිමිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරුවන් අවුරුදු 27 හා 69 වයස්වල පසු වූ බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්රදේශවල පදිංචිකරුවන්.