පියාගේ ජීප් රථයට යටවී අවුරුදු 03ක දරුවෙක් මරුට

Share

මරදාන පොලිස් වසමේ දුම්රිය නිල නිවාස ඉදිරිපිටදී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවීමෙන් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක් වු දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

පියා විසින් නිවස අසල ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටී ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශණයේදී අනාවරණය තිබෙනවා.

Read more

Local News