ආරවුලක් අතරතුර පුද්ගලයෙක් මාර්ගයට විසිවී වාහනයක ගැටී මරුට

Share

නෙළුක්කුලම පොලිස් වසමේ කලෛ මහල් විද්‍යාලය අසලදී දෙපාර්ෂවයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසිවී මාර්ගයේ ධාවනය කල වාහනයක ගැටී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 30ක් වූ නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලයින් තිදෙනෙකු මාර්ගය ආසන්නයේ ආරවුලක් ඇති කර ගනිමින් එකිනෙකා පොර බඳිමින් සිටින අවස්ථාවේ එක් අයෙකු මාර්ගය දෙසට විසිවී ගොස් මාර්ගයේ ගමන් කල වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News