කෝටි හතහමාරක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

Share

මිනුවන්ගොඩ නගරයේදී, මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන පුද්ගලික ආයතනයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු මුදල් රැගෙන යමින් සිටි වාහනයේ ආරක්ෂකයින් බැස ගිය අවස්ථාවේ වාහනය තුල තිබූ රුපියල් කෝටි 7 1/2ක් පමණ මුදලක් සොරකම් කර ගෙන එම වාහනයෙන්ම පලා ගොස් තිබෙනවා.

අදාල වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත හැර දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක –

  1. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ
  2. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ දිස්ත්‍රික් (I)
    071 – 8591608
    071-8591610

Read more

Local News