දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අදයි

Share

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (21) පෙරවරු 10.00ට ආරම්භ වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිව තිබේ.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් කරයි.

Read more

Local News