වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්කෙරුණු නලින් හේවගේ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය
”අධ්‍යාපනය වත්මන් රජයේ ප්රමුඛ විෂයයක්, අධ්‍යාපන, උසස් අධයාපන, වෘත්තීය අධ්‍යාපන ලෙස සැලකුවාට මේ විෂයයන් තුනම එකට යා යුතු සමස්ථ අධ්‍යාපනයේම කොටස් තුනක්. විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය පිලිබඳව අපේ රජය විශේෂ අවධානයක් යොමු කරනවා.
අපේ රටේ සම්ප්‍රදායිකව වෘත්තීය අධ්‍යාපනය දෙස බලන්නේ අනිත් දේවල් කරන්න බැරි ඉතුරු වෙන ළමයින්ට යන්න තියන තැනක් ලෙසයි. ඒ ආකල්පය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය විශේෂයෙන් ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක්. පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි”