ග්‍රෑන්ඩ්පාස්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 17ක් වූ වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය දෙපාර්ශවයක් අතර පැවති අමනාපයක් මත සිදුව තිබෙනවා.