මාමඩුව පොලිස් වසමේ එරුපතාන වැවේ පිටවාන අසල දිය නාමින් සිටි පුද්ගලයෙකු ජල පහරකට හසු වී දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
අතුරුදහන් වු පුද්ගලයා වයස අවුරුදු 30ක් වූ මහකච්චිකොඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම අතුරුදහන් වූ පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ දියනාමින් සිටියදී, මෙසේ සැඩපහරට හසුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.