පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති කියයි

Share

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවති සාකච්ඡාවේදීය.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News