ඔයාමඩුව, නවෝදාගම ප්රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 26ක් වූ බංඩාරගම, පේමඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.