කිරිඳිවැල, කැන්දලන්ද ප්‍රදේශයේ කුකුළු ගොවිපලක සේවය කරනු ලබන පුද්ගලයෙකු විදුලි සැර වැදී වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 48ක් වන කැන්දලන්ද, බුලත්වැල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු කුකුළු ගොවිපල පවිත්‍ර කිරීමේ දී ගොවිපලට අදින ලද විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.