කොටදෙණියාව දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් නවතා තිබූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරු සහ පිටුපස ගමන්කළ පුද්ගලයන් දෙදෙනෙකු මීරිගම ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරීමේදී පිටුපස ගමන්කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 68ක් වූ පහළ අඹේපුස්ස, මීරිගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.



