මීටියාගොඩ නිවසක් තුළ සිටි පියාට හා දියණියට වෙඩි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පියාට වයස අවුරුදු 49ක් සහ දියණියට වයස අවුරුදු 29 ක අයවලුන් බවයි වාර්තා වන්නේ.
තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.