ජනපති අනුර ඉන්දීය ජනාධිපති, උප ජනාධිපති ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමු වෙයි (VIDEO)

Share

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපති, උප ජනාධිපති සහ ව්‍යාපාරික ප්‍රජාව හමු වී තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම පිළිබඳව දෙරටේ ජනාධිපතිවරුන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට ඉන්දියාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිය එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News