ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.