දැදුරු ඔයේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු සැඩ පහරකට හසුවී එක් දරුවෙකු සැඩ පහරින් මිදි ගොඩට පැමිණ ඇති අතර අනෙක් දරුවා දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.
අතුරුදහන් වූ දරුවා වයස අවුරුදු 14 ක් වන හංගමුව, කොබෙයිගනේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අතුරුදහන් වූ දරුවා ඇතුළු දරුවන් පිරිසක් උපන්දින සාදයක් සමරා දැදුරු ඔය නැරඹීමට ගොස් ඉන් අතුරුදහන් වූ දරුවා සමග තවත් දරුවෙකු දියනෑමට ඔයට බැසීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.