චීනයේ C919 මගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරයි

Share

චීනයේ නිෂ්පාදිත C919 විශාල ගුවන් යානය ඊයේ (19) මගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

එම ගුවන් යානය පසුගිය සැප්තැම්බර් 1 වන දින, චීන ඊස්ටර්න් ගුවන් සමාගම මගින් “චෙන්ග්දු ටියැන්ෆු-ෂැංහයි හොංචියාඕ” මාර්ගය ඔස්සේ ලක්ෂ 5කට වැඩි මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබිණ.

ඒ වන විට චීනයේ නිෂ්පාදිත C919 මගී ගුවන් යානය ලොව ප්‍රථම වරට භාවිත කළ සහ වාණිජ ගුවන් ගමන් සඳහා යෙද වූ එකම ගුවන් සමාගම වූයේ චීන ඊස්ටර්න් ගුවන් සමාගමයි.

Read more

Local News