දෙවන හදවත් බද්ධ සැත්කම කඩිනමින්

මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදු කිරිමට නියමිතව තිබූ දෙවන හදවත් බද්ධ සැත්කම සිදු කිරීමට යාමේ දී මුහුණ දුන් ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව සැත්කම කණ්ඩායම් හැගීමෙන් යුතුව කඩිනම්න් සිදු කරන බව මහනුවර රෝහලේ ශල්‍ය හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ඊයේ (25) වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු විය.

එම හදවත් බද්ධ සැත්කම සිදු කිරිම සඳහා අවශ්‍ය Cardiac Output Monitoring  Probe with pulmecuary Eunctiong උපකරණ 02ක් දින 03ක් තුළ කඩිනමින් මිල දී ගෙන මහනුවර මහ රෝහල ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට දැනුම් දෙන ලදි.

 

Previous articleගෘහස්ථ ගෑස් මිල ඉහළට
Next articleඅද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්