මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව 2024.12.19 වන දින ඊට සම්බන්ධ වෙඩික්කරු හා ආධාර අනුබල දුන් සැකකරුවෙකු ද 2024.12.22 වන දින තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ තොරතුරු මත ඊයේ (23) මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මීගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 26 හා 33 යන වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.